රොබට් මුගාබේ මිය යයි

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් ගේබ්‍රියෙල් මුගාබේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

95 හැවිරිදි වියේ පසුවූ ඔහු මියයන විට සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වෙනවා.

රොබට් මුගාබේ ඉතා දීර්ඝ කාලයක් බලය හෙබවූ නායකයෙක් ලෙසයි සඳහන් වන්නේ.

1924 දී උපන් රොබර්ට් මුගාබේ සිම්බාබ්වේ නිදහස් සටනේ නායකයකු වූ අතර 1980 දී නිදහස ලබා එහි පළමු අගමැති බවට පත් වුණා.

1987 දී ඔහු ව්‍යවස්ථා වෙනසකින් පසු ජනාධිපති බවට පත් වූ අතර වසර 37 ක කාලයක් තිස්සේ සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළා.

Leave A Reply

Your email address will not be published.