පළමු 20 – 20 තරගයෙන් නවසීලන්තයට තියුණු ජයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් යුත් 20 – 20 ක්‍රිකට් තරගයේ ප්‍රථම තරගය අද මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වුනා.

එහිදී මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04 ක දැවී ලකුණු 174 ක් ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස්  – ලකුණු 79
නිරෝෂන් දික්වැල්ල –  ලකුණු 33

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නවසීලන්තය පන්දුවාර 19 යි පන්දු 03 කදී කඩුළු 05 ක් දැවී ලකුණු 175 ක් ලබා ගනිමින් ජයග්‍රහණය ලබා ගත්තා.

රොස්‌ ටේලර් –  ලකුණු 48
සී. ද ග්‍රෑන්ඩ්හොම් –  ලකුණු 44

දෙරට අතර දෙවන 20 -20 තරගය එළැඹෙන 03 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයෙදි පැවැත්වීමට නියමිතයි

Leave A Reply

Your email address will not be published.