මගුල් මුද්දකට පියා මැරූ පුතෙක්

ආඩිගම-පෙරියමඩුව ප්‍රදේශයේදී තම පියා ඝාතනය කළ බව කියන පුත්‍රයෙකු පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(30) පස්වරු 07.30ට පමණ මේ පහර දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

සිය මගුල් මුද්ද උකස් කර මත්පැන් පානය කිරීම හේතුවෙන් අදාළ සැකකාර පුත්‍රයා විසින් පියාට මෙලස පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වෙනවා.

පුතා විවාහ වී ඇත්තේ මිට මාසයකට පමණ පෙරදී වන අතර මිට දින කිහිපයකට පෙර මගුල් මුද්ද අතුරුදන් වී තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ ආඩිගම – පෙරියමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි මීරියාගම කංකානම්ලාගේ ධර්මසිරි නැමති 54 හැවිරදි පුද්ගලයෙක්.

සිද්ධිය පිළිබඳව පල්ලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

Leave A Reply

Your email address will not be published.