යුඇන්පී එක දැන ගන්න ඕන පොහොට්ටුව වගේ වැඩ කරන්න…සජිතුයි මෛත්‍රී යි දෙන්න පිට කහ ගන්නවා

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා එක්සත් ජාතික පක්ෂය තුළ ව්‍යවස්ථානුකූලව අවස්ථාව පවතින්නේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද(21) පෑලියගොඩදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසීය.

“ප්‍රශ්නය:- මේ දවස්වල හැමෝම කියනවා ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරලා කතා කරනවා කියලා?

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:- පොදුජන පෙරමුණේ තේරීම හරි. එ.ජා.ප.යත් ඒ වගේ තීරණයක් ගන්න ඕන

ප්‍රශ්නය:- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ගැටලුව සමතයකට පත්වෙලා නැහැ නේද?

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:- ව්‍යවස්ථානුකූලව අවස්ථාව තියෙන්නේ නායකයාටයි. සමහරු කියන්න කලින් දුවලා ඉවරයි. එක එක උණ හැදුනට අපි ගාව බෙහෙත් නැහැ

ප්‍රශ්නය:- ඔබතුමා හිතනවාද රනිල් වික්‍රමසිංහ මහතාට සජිත් මහතාට වඩා හිතනවාද ජනතාව සිටිනවා කියලා?

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:- ජයවේවා කිව්වට ජනමතය මනින්න බැහැ. පාවෙන ඡන්ද වගේම හමුදා පවුල්වල ඡන්ද. ඒ අය මතයි තීරණය වෙන්නේ

ප්‍රශ්නය:- හැබැයි අජිත් පී.පෙරේරා මහතා කියා සිටියා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ ඉල්ලීම කිහිපදෙනෙක් ඇහුම්කන් නොදෙන බව?

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:- අගමැති වටා සිටි අය දැන් සජිත් වටේ. ඇමති ධුර අර්බුද තියන අයත් කෑගහනවා. පුද්ගලික ප්‍රශ්න මිසක් රට ගැන හිතලා නෙවෙයි

ප්‍රශ්නය:- සජිත් මහතා පක්ෂයෙන් ඉවත් වෙලා වෙනම පක්ෂයකට යන්නද හදන්නෙ?

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:- බදුල්ලෙදි කැබිනට් ඇමතිවරයෙකු කිව්වා. කොළ – නිල් ආණ්ඩුවක් හදනවාලු. පහුගිය කාලේ නටපු නැටුම වගේ. ලැජ්ජාව තියෙනවානම් එහෙම කරන්නෙ නැහැ

ප්‍රශ්නය:- හැබැයි මෛත්‍රිපාල සිරිසේන මහතා සහතිකයක් දුන්නා සජිත් මහතාට ඔහු හොරෙක් නෙවෙයි කියලා?

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:- දෙන්නම පිට කහගන්නවා“

Leave A Reply

Your email address will not be published.