මුස්ලිම් ඇමතිවරු දිවුරුම් දීම අද නැත්නම් හෙට… බුද්ධික පතිරණ ට ඇමැති ධුරය අහිමිවෙයි ?

මුස්ලිම් මන්ත්‍රීවරු හා අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේ දී පවත්වා තිබුනා.

ඇමතිධුරවලින් ඉල්ලා අස්වු සියලු මුස්ලිම් අමාත්‍යවරුන් නැවත සිය ධුර වල නැවත දිව්රුම් දීමට සූදානම් බව ඊට එක්වු මන්ත්‍රීවරු පවසා සිටියා.

ඒ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා කියා සිටියේ හෙට හෝ අනිද්දා සියළු මුස්ලිම් මැති ඇමතිවරු නැවත සිය තනතුරු භාර ගනු ඇති බවයි.

ඒ පිළිබඳ තීරණය මේ වන විටත් ගෙන අවසන් බවත් දැන් ඇත්තේ ජනාධිපතිවරයා විසින් ඒ සඳහා දිනය හා වෙලාව ඉදිරිපත් කිරීම බවත් හෙට හෝ අනිද්දා එය සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා..

රිෂාඩ් බදියුදීන් ඇතුළු ඉවත් වු සියලු දෙනා නැවත තනතුරු භාර ගන්නා බව මාධ්‍යෙව්දීයෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවා.

මේ අතර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා නැවත තමන්ගේ ඇමති තනතුරේ දිවුරුම් දීමෙන් පසුව බුද්ධික පතිරණ අමාත්‍යවරයාට නැවතත් අමාත්‍යධුරය අහිමි වනවා. ඔහුට නැවතත් නියෝජ්‍ය අමාත්‍ය තනතුර හිමිවනු ඇතැයි බොහෝ දෙනෙකු පවසන අතර තවත් දේශපාලන විචාරකයින් පිරිසක් කියා සිටින්නේ වෙනත් අමාත්‍යාංශයක් ඔහුට ලැබෙනු ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.