අදත් බොහෝ ප්‍රදේශ වලට වැසි

අද (13) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකියාව පවතිනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00න්පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙනවා.

බස්නාහිර, සබරගමුව,ඌව සහ නැගෙනහිරපළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (50-75) ක් පමණ තරමක තද වර්ෂාපතනයන්ඇති වෙන්නටත් පුළුවන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave A Reply

Your email address will not be published.