මහින්ද්‍රා Blazo ට්‍රක් රථ පෙළ නිල වශයෙන් ගැනුම්කරුවන් වෙත භාර දෙයි

ඉන්දියාවේ මහින්ද්‍රා සමුහයේ අනුබද්ධිත සමාගමක් වන මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා ලිමිටඩ් හි ශ්‍රී ලාංකේය ව්‍යාපාර සහකරු වන අයිඩියල් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත අයිඩියල් මෝටර්ස් විසින් නවතම මහින්ද්‍රා Blazo ට්‍රක් රථ පෙළ ගැනුම්කරුවන් වෙත පිරිනැමීමේ නිල උත්සවය පසුගියදා පැවැත්වුණි.අයිඩියල් මෝටර්ස් සමාගමට අයත් පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම අවස්ථාව සඳහා අයිඩියල් මෝටර්ස් හි සභාපති නලින් වෙල්ගම මහතා සහභාගී විය.

Euro4 තාක්ෂණයෙන් යුතු Blazo Cabin Chassis, Blazo Tipper සහ Blazo Prime mover යන Blazo මාදිලියට අයත් මහින්ද්‍රා බර වාහන පෙළ, ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ නැවුම් සංධිස්ථානයක් සනිටුහන් කරමින් වෙළෙඳ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට සමත් වී ඇත. අශ්වබල 274ක අධි ධාරිතාවකින් යුතු ජවසම්පන්න එන්ජිම,ආකර්ශනීය රියදුරු තොරතුරු සැපයුම් පද්ධතිය, Fuel Smart තාක්ෂණය,සුවපහසු සීරු මාරු කළ හැකි රියදුරු අසුන,වේග 6ක ගියර් පද්ධතිය, ABS ඇන්ටි ලොක් බ්‍රේක් පද්ධතිය, 8.5mm ශක්තිමත් චැසිය, ඇතුළු සුවිශේෂී පහසුකම් රැසකින් මෙම බර වාහන පෙළ සමන්විත වේ.තවද මින් පෙර මාදිලි සමග සැසඳීමේදී වැඩි ජවයක්,අඩු නඩත්තු පිරිවැයක් සහ වැඩි පරිසර හිතකාමී බවක් ද මෙම රථ පෙළ මගින් පිරිනැමේ.ඉන්ධන පිරිමැසුම් ධාරිතාව ඉතා ඉහළ වන මෙම බර වාහන කාණ්ඩයේ සම්පුර්ණ ලිහිසි තෙල් සේවාව සිදු කළ යුත්තේ 90,000km වරක් හෝ අවුරුද්දකට වරක් වීම විශේෂත්වයකි.භාණ්ඩ ප්‍රවාහන පහසුකම් මෙන්ම වැඩිදියුණු කරන ලද සුවපහසු අංග සහ ආරක්‍ෂිත පහසුකම් ද නිසා මෙම මාදිලි එදිනෙදා ප්‍රායෝගික ප්‍රවාහන අවශ්‍යතා සඳහා කදිම විසඳුමක් වේ.

මෙම අවස්ථාවට ගැනුම්කරුවකු ලෙස සහභාගී වූ කන්ටේනර් බහාලුම් සංගමයේ සභාපති උපාලි ගුණවර්ධන මහතා වෙත Blazo Prime mover රථ 7ක් නිල වශයෙන් පිරිනැමීම අයිඩියල් සමුහ ව්‍යාපාරයේ ගරු සභාපති නලින් වෙල්ගම මහතා අතින් සිදු වූ අතර ඒ පිලිබඳ අදහස් දක්වමින් උපාලි ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මහින්ද්‍රා නාමය රථ වාහන වෙළෙඳපල තුළ කීර්තිමත් ප්‍රතිරූපයක් ගොඩ නගා ගෙන ඇති බවයි.තවද Euro4 තාක්ෂණය භාවිත කළ Prime mover රථ මාදිලිය ලෙස මහින්ද්‍රා Blazo 40 හැඳින්විය හැකි බවත්,වෙළෙදපල තුල පවතින තාක්ෂණය අතික්‍රමණය කරමින් පැමිණි මෙම මාදිලිය සහ අයිඩියල් මෝටර්ස් ආයතනය පිලිබඳ දැඩි විශ්වාසයක් ඔහු තුළ පවතින බවත් අවධාරණය කළේය.

මහින්ද්‍රා ආයතනය සමඟ ප්‍රථම වරට ගනුදෙනු කළ මංගලගම ප්‍රවාහන ආයතන හිමිකරු අතුල සමරවීර මහතා මෙම අවස්ථාව පිලිබඳ ප්‍රකාශ කර සිටියේ මෙම ට්‍රක් රථ තුළ පවතින පැටවීමේ හැකියාව දිග අඩි 24ක සුවිශේෂී පහසුකම නිසා ඉහළ ලාභයක් අත්විඳිය හැකි බවයි.තවද දිගුකල් පවතින නිමාවකින් යුතු මෙම ට්‍රක් රථ දැඩි විශ්වාසයකින් යුතුව භාවිත කළ හැකි බවත් ඔහු පැවසුවේය.

මහින්ද්‍රා Blazo බර වාහන මාදිලිය වසර 2ක හෝ කිලෝමීටර 200,000 ක අසමසම වගකීමකින් යුක්ත වීම ඉතා සුවිශේෂී කරුණකි.එමෙන්ම මෙම බර වාහන කාණ්ඩය සඳහා පැය 24 පුරාම පාරිභෝගිකයාගේ අසලටම පැමිණ සහය වන කාර්මික සහ නඩත්තු කණ්ඩායම හේතුවෙන් කිසිඳු අපහසුවකින් තොරව පහසුකම් ලබා ගැනීමට පාරිභෝගිකයින් හට හැකියාවක් ලැබෙනු ඇත.තවද මෙම සියලුම වාහන සඳහා කර්මාන්තශාලාවේදීම සවි කරන ලද Blower සිසිලක පද්ධතිය රියදුරු මහතාට සහ ගමන් ගන්නා සැමට සුවපහසු ධාවනයක් සලසනු ලබයි.මහින්ද්‍රා බර වාහන කාණ්ඩයට පමණක් සුවිශේෂී Fuel smart තාක්ෂණය මගින් පැටවීමේ බර අනුව අශ්ව බලය ඉතා පහසුවෙන් සීරු මාරු කිරීමේ හැකියාව නිසා ඉන්ධන පිරිමැස්ම අතින් කාණ්ඩයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති බවට සතුටින් දැනුම් දෙන්නෙමු. Blazo Prime mover රථ හා Blazo Cabin chassis සඳහා කර්මාන්තශාලාවේදීම සවිකර ලද Radial Tyres මගින් දිගු දුරක් සහතික කරන අතර Blazo Tipper රථය 16 CMB ධාරිතාවයකින් යුක්ත වීම පාරිභෝගිකයා හට ඉහළ අදායමක් සහතික කරයි.

අයිඩියල් මෝටර්ස් (පුද්ගලික) සමාගම අයිඩියල් සමූහ ව්‍යාපාරයේ පූර්ණ හිමිකාරිත්වය සහිත සමාගමකි.2009 නොවැම්බර් මස සිට අයිඩියල් මෝටර්ස් සමගම,මහින්ද්‍රා රථ වාහන සඳහා බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන අතර අයිඩියල් මෝටර්ස් සමාගම මහින්ද්‍රා රථ වාහන 65,000කට අධික ප්‍රමාණයක් මෙරට අලෙවි කර ඇත.වර්තමානයේ මහින්ද්‍රා වෙළෙඳපල ප්‍රමුඛයා ලෙසින් 50% කට වැඩි වෙළෙඳපල හිමිකාරිත්වයක් දරයි.

Leave A Reply

Your email address will not be published.