ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පුර්ව වටයට යා හැකි ක්‍රමය මෙන්න

ඊයේ (28) දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ ලද පරාජය සමග අවසන් පුර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බොහෝ ඇතට ගමන් කළේය.

දැනට ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානයේ ය. ඒ තරග 07 කට සහභාගී වී ප්‍රසාද ලකුණු 06 ක ලබා ගනිමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පුර්ව තරග වලට සුදුසුකම් ලබා ගැනීමට නම් ඉදිරියේ පැවැත්වෙන බ. ඉන්දීය කොදෙව් තරගය සහ ඉන්දිය තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුය.
ඊට අමතරව එංගලන්ත කණඩායම ඉදිරි තරග දෙකම පරාජය විය යුතු අතර බංග්ලාදේශය සහ පකිස්ථානය ද තමන්ට ඉදරියේ ඇති තරග දෙකෙන් එකක් හෝ පරාජය විය යුතු ය.
එලෙස ගත් කළ අපිට සිදුවන්නේ අපේ ජයග්‍රහණය මෙන්ම අනෙක් කණ්ඩායම් වල පරාජය දෙස බලා සිටීමය. මෙය අතිශය අපහසු දෙයක් වන අතර අහඹු සිදුවීමකි. ඒ නිසා අපිට බොහෝ විට ප්‍රථම වටයෙන් එලියට එන්නට ඇති ඉඩ ප්‍රස්තාව ඉතා වැඩිය.

Leave A Reply

Your email address will not be published.