ගෝඨාට දී ජ්‍යේෂඨ තමන්ට නොදුන්නොත් විරුද්ධ පිලට යනවා

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම කියද්දීම තමනට බයක් ඇතිවන බව ඒකබාද්ධ විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

මීළඟ ජනාධිපතිවරණයට ස්ථිර වශයෙන්ම පැමිණෙන්නේ තම පිලෙන් ඉදිරිපත් වන්නේ රෙද්ද බැනියම අඳින නායකයෙක් පමණක් යයි ඔහු කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරයා අපේක්ෂකයා කවුදැයි මහින්ද රාජපක්ෂ මහතා විසින් අගෝස්තු මස 11දා දැනුම් දෙන බව සඳහන් කර ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් කණ්ඩායමේ ජේෂ්ඨයෙක් වන තමන් සමඟ සාකච්චා කර නැති බව ද ඔහු පැවසීය.

1952 දී ඩී.එස්. සේනානායක මහතා අශ්වයා පිටින් ඇද වැටී මිය ගිය පසුව එවකට හිටපු ආණ්ඩුකාරවරයා විසින් ඊළඟ ජ්‍යෙෂ්ඨයා වන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට අගමැතිකම නොදී කනිෂ්ඨයකු වූ ඩඩ්ලි සේනානායක මහතාට අගමැතිකම දුන් බවද ඔහු සිහිපත් කලේය.

ඒ මොහොතේ බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂය අතහැර පාර්ලිමේන්තුවේ විපක්ෂයට ගිය බවද පැවසූ වෙල්ගම මහතා එසේ සිදු වුයේ ජේෂ්ඨත්වයට නොසැලකූ නිසා බවද පැවසූවේය.

එවන් අවස්ථාවක් මෙවර සිදු නොවේවායි ප්‍රාර්ථනා කරන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

ජනහමුවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කලේය.

කුමාර වෙල්ගම මහතා දීර්ඝ කාලයක සිට ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධීව අදහස් පල කරමින් සිටී.

සමජා ජාලාවන්හි මේ ගැන අදහස් පලවන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂකත්වය දී ජ්‍යේෂඨ තමනට නොදුන්නොත් විරුද්ධ පිලට යන බවට කුමාර වෙල්ගම විසුන් සිදු කරන ලද පුර්ව අනතුරු ඇගවීමක් ලෙසයි.

උපුටා ගැනීම- ලංකා සී නිවුස්

Leave A Reply

Your email address will not be published.