පරිසරය වනසන ත‍්‍රස්තවාදියාට විරුද්ධව සටන ඇරඹුනා..- හමුදාපති විල්පත්තු මෙහෙයුම් අරඹමින් කියයි..

පරිසරය විනාශ කරන ත්‍රස්තවාදියාගෙන් මේ රටේ අද දවස සහ අනාගතය බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව පෙරමුණ ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.

විල්පත්තු වන රක්ෂිතය කේන්ද්‍ර කරගනිමින් ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එකතු වෙමින්  ඒ මහතා මේ බව පැවසීය.

අද දිනට යෙදී තිබූ විජයග්‍රහණයේ සැමරුමට සමගාමීව මෙම ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ වැඩසටහන ආරම්භ කරන ලදී.

ෆේස්බුක් මගින් සහ වේදිකාවන්හි දී පමණක් ගස් සිදුවන්නේ නැතුව කරුණාකර තමන් සමග එක්වන්නැයි තමන් ජනතාවට ආරාධනා කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.

මෙම සිටුවන ලද ගස් රැකගැනීම සඳහා ත‍්‍රිවිද හමුදාව හමුදාව වශයෙන් කැප වී කටයුතු කරන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ සඳහා යුද හමුදාව සමග දෙරණ මාධ්‍ය ජාලයේ මනුසත් දෙරණ ක්‍රියාන්විතය එකතු වී තිබුණි.

Leave A Reply

Your email address will not be published.