පහරදී ඇත්තේ ආරක්ෂක අංශ සිටියදී – රිෂාඩ් බදුයුදීන්

මිනුවන්ගොඩ ජුම්මා ප්‍රධාන දේවස්ථානය ඇතුළු කඩසාප්පු වලට කලබලකාරීන් පහරදී ඇත්තේ ආරක්ෂක අංශ රාජකාරීවල නිරතව සිටියදී යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතා පැවැසීය.

කවර ආගමක හෝ අන්තවාදීන් සිටියිනම් ඊට නීතියෙන් කටයුතු කරනු විනා වාර්ගික කල කෝලාහල ඇති කර ගැනීම කිසිදු පුද්ගලයෙකුගේ යුතුකමක් නොවන්නේ යැයි ඇමැතිවරයා අවධාරණය කළේය.

ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බවත් රජය ඊට වැඩි අවදානය යොමුකළ යුතු බවත් බදුයුදීන් ඇමැතිවරයා සඳහන් කළේය.

බිඟුන් මේනක ගමගේ සහ තරිදු ජයවර්ධන
– ලංකාදීප

Leave A Reply

Your email address will not be published.