මධුෂ් ගැන තීරණයක් ගැනීම ඩුබායි අධිකරණය 9 දා තෙක් කල් තබයි

කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනා මත ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින පාතාල නායකයකු වන මාකඳුරේ මධුෂ් ශී‍්‍ර ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධ තීරණයක් ගැනීම මෙම මස 9 වැනිදා දක්වා කල් තැබීමට එරට අධිකරණය ඊයේ (2 වැනිදා) තීරණය කළේය.
 ඔහු සමඟ පසුගිය පෙබරවාරි මස 5 වැනිදා අත්අඩංගුවට ගත් ශී‍්‍ර ලාංකිකයන් 30 දෙනකු මේ වනවිට ශී‍්‍ර ලංකාවට පිටුවහල් කර එවා ඇති අතර ඉන් කිහිප දෙනකු මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සිදුකරනු ලබයි.
 මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සහ පුද්ගලයන් කිහිප දෙනකු මරා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම සම්බන්ධව චෝදනා ලැබ සිටින මාකඳුරේ මධුෂ් තමා ශී‍්‍ර ලංකාවට පිටුවහල් කළහොත් ජීවිත තර්ජනයට ලක්විය හැකි බව පවසමින් නීතිඥවරුන් මගින් ඩුබායි අධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇත.
 ඒ අනුව එම පෙත්සම විභාග කිරීමට ඊයේ (2 වැනිදා) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම මස 9 වැනිදා තෙක් එය විභාග කිරීම කල් දැමීමට ඩුබායි අධිකරණය තීරණය කළේය.
Leave A Reply

Your email address will not be published.