හිටපු ජනපති ප්‍රේමදාස 26 වැනි ගුණ සැමරුම

ආර්.ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සමරු උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(01) පෙරවරුවේ පැවැත්වුණා.

අළුත්කඩේ උසාවි සංකීර්ණය ආසන්නයේ පිහිටි ප්‍රේමදාස පිළිරුව අභියසදී පැවති සැමරුම් උත්සවය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු එම පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව තිබුණා.
මැයි දින පෙළපාලියක් අතරතුරදී ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකින් රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ඇතුළු කිහිප දෙනෙකු ඝාතනයට ලක් වුයේ 1993 වර්ෂයේ මැයි 1 වන දා.

Leave A Reply

Your email address will not be published.