විදේශීය හමුදාවන්ගේ සහය ශ්‍රි ලංකාවට අනවශ්‍යයි

විදේශිය හමුදාවන්ගේ සහය ශ්‍රි ලංකාවට අවශ්‍ය නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මේ බව පවසා ඇත්තේ ඉන්දියානු මාධ්‍ය ආයතනයක්වන නිවුස් එයිටින් (News18) සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදිය.

ඉන්දියාවේන් ලැබුණු සහයටද ස්තූතිවන්තවන බවත් නමුත් ඉන්දියානු හමුදාවේද සහය ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බවද විපක්ෂ නායකවරයා එහිදි පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරුකර ගැනීමට ශ්‍රී ලංකාවේ හමුදාව ප්‍රමානවත් බවද මහින්ද රාජපක්ෂ මහතා එහිදි පවසා තිබේ.

අප කළ යුත්තේ ශ්‍රී ලංකා හමුදාවට අවශ්‍ය බලය සහ නිදහස ලබා දිම පමණක් බවද එහිදි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත.

නායකයින් දේශපාලන පොරපිටියේ සිටිමින් ජාතික ආරක්ෂාව පරදුවට තැබු බවද ඒ මහතා එහිදි ප්‍රකාශ කළ බව එම මාධ්‍ය ආයතනය වාර්තා කළේය.

රට තුල රැඩිකල් වාදය ව්‍යාප්තවන බව සියලු දෙනා දැන සිටියද ඡන්ද අහිමිවීම සම්බන්ධයෙන් ඇති බිය නිසා මෙයට නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බවද මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්‍රහාරයට වගකිව යුතු බවද එහිදි පවසා ඇත.

ත්‍රස්තවාදින්ව අත්අඩංගුවට ගැනීමට නොහැකි වි ඇතතේ නීතිවල තිබේන අඩුපාඩු කම් නිසා යැයි අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණද යුද සමයේ කටයුතු කළේද දැනට පවතින නීතිවලට අනුව බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහිදි වැඩිදුරටත් පවසා ඇත.

 

Leave A Reply

Your email address will not be published.