බුද්ධි අංශ දුර්වල කළ බවට රජයට එල්ලවන චෝදනා පිළිගන්න බෑ-අකිල

බුද්ධි අංශ දුර්වල කළ බවට රජයට එල්ලවන චෝදනා කිසිවිටෙකත් පිළිගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද(29) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

මේ වන විට අත්අඩංගුවේ ඇත්තේ බුද්ධි අංශ නිලධාරීන් 4 දෙනෙක් බවත්, ඔවුන් කප්පන් ගැනීම යටතේ චෝදනාවට ලක්ව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මීට පෙර අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරීන් ඇප මත මුදාහැර ඇති බවත්, ඒ අය එක්නැලිගොඩ අතුරුදන්වීම හා ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

බුද්ධි අංශවල යැයි පවසමින්, මෙම සංවිධාන මුල් කාලයේ ඇති කරන්න, මේ සංවිධාන ඉදිරියට ගෙනි යන්න එමෙන්ම රජයේ වැටුප් ලැබූ අය මෙම සංවිධානවල සිටීම පිළිබඳව ප්‍රශ්න ඇතිව තිබෙන බව ද පැවසු අමාත්‍යවරයා, ජමාත් සංවිධානය කොළඹ නගරයේ සංවිධානාත්මක පියවරක් ගැනීමේ දී පොලීසියෙන් නතර කිරීමේ දී ඒ සම්බන්ධයෙන් ඔවුන්ට වැඩ කරන්න ඉඩ දී ඇත්තේ ද අද ඔය කියන පුද්ගලයින්ම බව ද පැවසීය.

විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සමඟ සාකච්ඡා කර සියලූම පාසල් පරීක්ෂාවකට ලක් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසු අමාත්‍යවරයා, විදුහල්පතිවරුන් ගුරුවරුන් හා දෙමාපියන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය වැඩපිළිවෙල ගැන දැනුවත් කර ඇති බව ද පැවසීය.

අරාබි පාසල් ක්‍රියාත්මක වීමට සම්පුර්ණ බලතල ඇත්තේ මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය මත ඇති බවත්, එයට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වගකීමක් නැති බවත්, මේ පාසල් බොහෝමයක් මහා ජාති ආලයෙන් යුතුව කතා කරන පුද්ගලයන්ගේ පාලන සමයේ ආරම්භ කර ඇති බව ද අමාත්‍යරවයා මෙහිදී සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.