පොලිස්පති අනිවාර්ය නිවාඩු.. වැඩබලන පොලිස්පති සී.ඩී. වික‍්‍රමසිංහ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත.

ඒ අනුව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු ගැන්වෙනු ඇත.

පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයදීම පූජිත ජයසුන්දර මහතාට දන්වා ඇතත් ඒ සදහා ඔහු කටයුතු නොකලේය.

මේ අතර හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස ජනාධීපතිවරයා විසින් පත් කර ඇත.

මේ වන විට පොලිස්පතිවරයා විදෙස්ගතව සිටින බවද වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.