වනාතවිල්ලුවෙන් තවත් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ

වනාතවිල්ලුව කරඩිපුවල් ප්‍රදේශයේ ලැක්ටෝ වත්ත වතුයායේ සඟවා තිබු ටී 56 ගිනිඅවියක් පිස්තෝල කිහිපයක් හා මෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි කිහිපයක් සොයා ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් ඊයේ (27 ) සමත්ව තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි .

මෙම ගිනිඅවි තොගයේ ටි 56 ගිනිඅවියක් මෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි කිහිපයක් හා 9 එම් .එම් වර්ගයේ පිස්තෝල කිහිපයක් සොයා ගත් බව පවසයි.

අදාළ ලැක්ටෝවත්ත පොල් වතු යායේ තිබි පසුගිය ජනවාරි මාසයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබුනේ රට පුරා බුද්ධ ප්‍රතිමා කැඩිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු සොයා පැමිණි අවස්ථාවේදි ය.

රට පුරා බෝම්බ පිපිරිම් වලට සම්බන්ධ අයි.එස් .අයි.එස් . සංවිධානයේ ත්‍රස්තවාදියකු බව කියන සහරාම් හසිම් නැමැත්තාගේ රියදුරේකු බව කියන ත්‍රස්තයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිදුකරන ප්‍රශ්න කිරීම් වලදි වනාතවිල්ලුව කරඩිපුවල් ලැක්ටෝ වත්ත වතු යායේ වළ දමා තිබු මෙම ගිනිඅවි තොගය සොයා ගෙන තිබේ.

ඒ සමඟම අදාළ සැකකරුගෙන් දිගින් දිගටම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ප්‍රශ්න කිරීම් සිදු කරන බවද පොලිස් ආරංචි මාර්ග පවසති .

Leave A Reply

Your email address will not be published.