දික්වැල්ලෙන් ද කඩු සොයා ගනී – 10 දෙනෙක් අත්අඩංගුවට

විදෙස් රටක හමුදාවන් භාවිතා ඇඳුම්වලට සමාන ඇඳුම් ද අත්අඩංගුවට

දික්වැල්ල, යෝනකපුර ප්‍රදේශයේ තිබි කඩු, විදෙස් රටක හමුදාවන් භාවිතා කරන නිළ ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සහ පුහුණු පිස්තෝල පතුරොම් 107 සහ තවත් උපකරණ කිහිපයක් සොයාගෙන තිබෙනවා .

අද(28) අළුයම ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශයේ නිවාස 800ක් පමණ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම ආයුධ සහ ඇඳුම් සොයාගෙන ඇති අතර සැකකරුවන් 10ක් එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව දැනගන්නට ලැබෙනවා.

මෙම වැටලීමේ දී තිබී විදෙස් රටක හමුදාවන් භාවීත කරන හමුදා ඇඳුම් කට්ටලයක්, පුහුණු පිස්තෝල, පතුරම් 107ක්, කඩු 4ක් ,පිලිස්සෙමින් තිබු ආගමික පොත් 8ක්, ආරබියේ භාවිතා කරනු ලබන හැඳුම්පතක් සහ නයිට් විෂන් දුරදක්නයක් ද සොයාගෙන තිබෙනවා..

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දික්වැල්ල පොලීසිය විසින් සිදු කරනු ලබනවා.

Leave A Reply

Your email address will not be published.