Prime news පුවත පල දරයි.. රුපවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස මුස්ලිම් ජාතිකයා පත් නොකෙරේ

 

prime news අද සවස කල හෙළිදරව්වට අනුව රුපවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට ගිය මුස්ලිම් ජාතිකයාගේ පත්වීම අවලංගු කිරීමට රුපවාහිනී බල අධිකාරිය තීරණය කොට ඇත. ඔහු අද සවස 3.00 ට සේවයට වාර්තා කිරීමට සිටි අතර කලින් පැමිණෙන්නැයි ඔහුට දැනුම් දී තිබුණි. ඒ පත්වීම ලබා දීම සඳහා ය. නමුත් primenews කළ හෙළිදරව්වෙන් පසු ඔහු වෙනුවට එම තනතුර මෙතෙක් ක්‍රීඩා අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ පාලිත සෙනරත් යාපාට පිරිනමා ඇත.
පසුගිය ද රුපවාහිනිය ශ්‍රේණිගත කිරීම් වලින් පහල තත්ත්වයක පැවතිය ද ක්‍රමයෙන් ඉහල එමින් තිබුණි. ප්‍රවෘත්ති ශ්‍රේණිගත කිරීම් වලින් 04 වන ස්ථානය දක්වා පැමිණීමටත්, තව නොබෝ දිනකින් 03 වන ස්ථානයේ සිටින ස්වර්ණවාහිනී හා තරග කර එම මට්ටමට ලඟා විය හැකි තැනකට රුපවාහිනී ප්‍රවෘත්ති රැගෙන ආවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තිලක් මහගමගේ මහතාගේ සමබර පුවත් විකාශයේ ප්‍රථිපලයක් ලෙසිනි. නමුත් දේශපාලන බල අධිකාරිය සහ රුපවාහිනී ප්‍රධානියා ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා සංස්ථාවේ තත්ත්වය පහලට වැටීම පිළිබඳව සේවකයින් දැඩි ලෙස කලකිරී ඇත.
කෙසේ නමුත් නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා පිළිබඳව සේවකයින්ට ගැටළුවක් නොමැති වුවත් කළ අසාධාරණයට ඔවුන් තුල ඇත්තේ අපැහැදීමකි.
රට තුල ඇති කලබලකාරී තත්වය හමුවේ හඳපාන්ගොඩ ට යාම සඳහා ආරක්ෂාව ඉල්ලා සිටි රුපවාහිනී ප්‍රධානියෙක් ගැන ද සේවකයින් අප්‍රසාදයෙන් කතා කරති.

Leave A Reply

Your email address will not be published.