මීලග ජනාධිපතිවරණයට මං එනවා.. ජනාධිපති වූ සැණින් බුද්ධි අංශ සක‍්‍රීය කරනවා.. අන්තවාදීන් අවසන් කරනවා..- ගෝටා විදෙස් මාධ්‍යය කියයි..

මීලගට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනය සදහා ඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අන්තවාදී කටයුතු ඉන් පසු නවතා දැමීමට මතන් කටයුතු කරන බවද ඒ මහතා කියයි.

තමන් ජනාධිති වුවහොත් පලමුව කරන්නේ රට තුල බුද්ධි අංශ ශක්තිමත් කිරීම බවත් ඔහු සදහන් කරයිත

ඔහු මේ බව කියා සිටියේ රොයිටර් පුවත් සේවය හා අදහස් පල කරමිනි.

තමන්ගේ ඇමරිකානු පුරවැසි භාවය අහෝසි කර ගැනීම ඉදිරි දිනවල සම්පුර්ණ වනු ඇති බවද ඔහු එහිදී සදහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.