කල්මුණේහිදී වෙඩි හුවමාරුවක් සහ පිපිරීම් කිහිපයක්.. නැවත දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය

ආරක්‍ෂක අංශ හා කිසියම් පිරිසක් අතර කල්මුණේ සායින්දමර්දූ ප්‍රදේශයේදී වෙඩි හුවමාරුවත් සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කරන්නේ යුද හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කරන ලද මෙහෙයුමක් අතරතුරදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි.

මෙම ගැටුම සිදුව ඇත්තේ බෝම්බ ඇතැයි සැක පිට ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී යයිද පොලීසිය කියයි.

එම ප්‍රදේශයේ පිපිරීම් කිහිපයක් ද වාර්තා වෙයි.

ආරක්‍ෂක අංශ විසින් සැක සහිත වෑන් රථයක් පරීක්‍ෂා කිරීමට යාමේදී එම වෑන් රථය පුපුරුවාගෙන ඇත.

ආරක්‍ෂක අංශ හා කණ්ඩායමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවෙන් පසු මෙම පිපිරුම් සිදුව ඇත.

මේ අතර කල්මුණේ, චාවලකඩේ සහ සමන්තුරේ යන පොලිස්බල ප්‍රදේශ යන්හි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Leave A Reply

Your email address will not be published.