මරාගෙන මැරෙන බෝම්බයේ මහ මොලකරු ඉම්සාන් අහමඩ් ඊබ්‍රාහිම් රාජ්‍ය සම්මාන ගත් දා තම පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් සමග.. විදෙස් මාධ්‍ය හෙලි කරයි..
කොලඹ බෝම්බ පිපිරීමේ සිදුවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගන්නා ලද මෙරට ප්‍රධාන පෙලේ කුලු බඩු අපනයනය ව්‍යයාපාරිකයෙකු වන කොළඹ 13, පරන යෝන් විදීයේ ‘ඊෂාන ස්පයිසස් එක්ස්පෝර්ට්ස්’ සභාපති මොහොමඩ් ඊබ්‍රාහිම් සම්බන්දයෙන් තොරතුරු ගණනාවක් එංගලන්තයේ ඩේලි මේල් වෙබ් අඩවිය පල කර ඇත.
ඔහුගේ පුතුන් දෙදෙනා එනම් කොළඹ මරාගෙන මැරෙන බෝම්බ මාලාවේ මහ මොලකරු ලෙස සැලකෙන වයස 33ක් වූ ‘ඉම්සාත් අහමඩ් ඊබ්‍රාහිම්’ හා වයස 33ක් වූ ‘ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම්’ ගැනද එම වාර්තාවේ විස්තර සදහන්ය.
මොවුන් ඉතා ධනවත් පුද්ගලයන් වන අතර කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ නැවති සිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කලේය.
කොළඹ ප්‍රධාන පෙලේ පුද්ගලයින් ඇසුරු කල මෙම පවුල පසුගිය 2016 රාජ්‍ය අපනයනය සම්මාන උලෙළේදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ මහතා අතින් සම්මානයක් මොහොමඩ් ඊබ්‍රාහිම් ලබා ගන්නා අයුරු පින්තූරයක්ද එහි පල කර තිබේ.
එම අවස්ථාවේදී මරාගෙන මැරෙන බෝම්බයේ මහා මොලකරු ‘ඉම්සාන් අහමඩ් ඊබ්‍රාහිම්’ ඒ අසල යුරෝපා ඇදුම් සහිතව සිටගෙන සිටී.
යොමුව මෙතනින්
https://www.dailymail.co.uk/news/article-6956029/Chilling-moment-one-Sri-Lanka-bomber-brothers-shuffles-foot-foot-bombing.html
lankanews