පාර්ලිමේන්තුවට ප‍්‍රහාර සැලසුමක් ? කැබ් රථයක සිටි තරුණයෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු අවසර පත් 6ක් , පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලැස්මක් ඇසුවේ

බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් කිරිමැටිතැන්න ප්‍රදේශයේ සැක කටයුතු නිවසක් පරික්ෂා කිරිමේදි එහි තිබි පාර්ලිමේන්තුවට ඇතුළු විමේ අවසර පත්‍ර හයක්,ජිව උණ්ඩ දෙකක් ,කැබි රථයක්, පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලැස්මක්, ජංගම දුරකතන ⁣තුනක්, සිමි කාඩිපත් දහතුනක්,ටැබ් පරිගණකයක් ,බැංකු කාඩ්පත් විශාල ප්‍රමාණයක් සමඟ මුස්ලිම් තරුණයකු ඊයේ (24) දා පස්වරුවේදි අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අම්පාර ප්‍රදේශයේ පදිංචි විසි හත් හැවිරිදි පුද්ගලයකු වන අතර බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ බිරිඳගේ නිවසේ සිටියදි මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

බලන්ගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව මෙම නිවස පරික්ෂා කර මෙම භාණ්ඩ සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඔහු කොල්ලුපිටිය ප්‍රදේශයේ අවන්හලක සේවය කර ඇති බවට පොලීසිය අණාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් කැබ් රථයේ පිටුපස කොටසේ අගල් හතරක පමණ ව්‍යාජ තට්ටුවක් සකස් කර ඇති බවද පොලීසිය පවසයි.

බලන්ගොඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලිම සිදුකර ඇති අතර සැකකරු අද (25) බලන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

Leave A Reply

Your email address will not be published.