නුවරඑලිය සෝදිසියක දී ඩෙටනේටර් 198ක් සොයා ගනී

නුවරඑලිය, හාවාඑළිය ප්‍රදේශයේ මහින්ද මාවතේ බෝක්කුවක් මත තිබී ඩෙටනේටර් 198ක් හමු වූ වී ඇත.

හාවාඑලිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක අසළ බොක්කුවක් මත සැක සහිත පාර්සලයක් තිබෙන බවට නුවරඑලිය පොලීසිය වෙත ලද තොරතුරක් මත යුද හමුදාව සහ පොලීසිය එක්ව අද (25) උදැසන 10.30ට පමණ සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක සහිත පාර්සලය ආරක්ෂිතව රැගෙන පරීක්ෂා කර බැලීමේදි ඒ තුළ ඩෙටනේටර් 198ක් තිබු බව නුවරඑලිය පොලිසිය ප්‍රකාශ කර ඇත.

නුවරඑලිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදු කරන නිසා කිසියම් අයෙකු විසින් මෙම ඩෙටනේටර් තොගය ඇළ මාර්ගය වෙත ගෙනවිත් දමන්නට ඇති බව පොලීසිය සැක පල කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලීසිය සහ යුද හමුදාව විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා.

Leave A Reply

Your email address will not be published.