ආරක්ෂක ලේකම් හා පොලිස්පති අත්අඩංගුවට ගන්න

විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අත්අඩංගුවට ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කර ඇත.

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත යුතු යැයි මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් වේලාසන දැනුවත් කර තිබුණත් අදාළ ක්‍රියාමාර්ග නොගැනීමේ චෝදනා මත මෙම දෙදෙනා අත්අඩංගුවට ගන්නැයි මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

Leave A Reply

Your email address will not be published.