යුක්රේන ජනාධිපතිවරණයේ ජය විකට රංගන ශිල්පියෙකුට

යුක්රේන ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට එරට හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙකු වන වොලොඩිමීර් සෙලන්ස්කි සමත්ව ඇත.

41 හැවිරිදි වොලොඩිමීර් දේශපානයට නවකයෙකු වන අතර මීට සති තුනකට පෙර පැවති පළමු වටයේ ඡන්ද විමසීමේදී සියයට 70 කට වැඩි ජනතා සහයක් ලබා ගෙන තිබුණි.

නිල ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති වුවද ඔහු තම ආධාර කරුවන් සමඟ ඊයේ (21) ජයග්‍රහණය සැමරු බව විදෙස් වාර්තාවල දැක්වුණි.

Leave A Reply

Your email address will not be published.