VPN නිසා සමාජ ජාල තහනමෙන් අර්ථයක් නැති වෙයි.. අන්තර්ජාල වේගය අඩාල කිරීමක්..?

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

සමාජ මාධ්‍ය අවහිර කිරීම මානව හිමිකම් උල්ලංගනය කිරීමක්…රජය ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් කළහොත් අසත්‍ය පුවත් පැතිරීම වැළැක්වීමට ෆේස්බුක් සමාගම සුදානම්

ප්‍රථමයෙන් ඇතිවී ඇති තත්වය හේතුවෙන් මියගිය හා තුවාල ලැබූ සියල්ලන්ටම අප සංවිධානයේ කනගාටුව පලකරන අතර මේ උදාවී ඇති තත්වය පදනම් කරගනිමින් කැබිනට් මණ්ඩලය විසින් සමාජ මාධ්‍ය අවහිර කිරීමට පියවර ගෙන තිබෙන අතර මේ නිසා සිවිල් ජනයා බොහෝ අපහසුතාවයට පත්ව සිටි.මෙම ක්‍රියාව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස තරයේ හෙලා දකින අතර පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා සාමාන්‍ය ජනයා තම නැදෑ හිතවතුන් ආරක්ශාකාරීදැයි පවා දැනගැනීමට නොහැකිවී සිටින බව වාර්තා වේ. උදෑස සමාජ මාධ්‍ය හරහා ඒකරාශී වූ ජනතාව අනතුරෙන් පත් ජනතාවට ලේ දන්දීමට විශාල වශයෙන් ඉදිරිපත් වූ අතර සමාජ මාධ්‍ය අවහිරයත් සමගම දැන් එසේ ජනතාවට එකාවන්ව ඒකරාශී වීමට තිබූ හැකියාව වියැකී ගොස් ඇත.

බොහෝ ජනතාව VPN භාවිතයට පුරුදුව ඇති අතර එම නිසා රජයේ සමාජ මාධ්‍ය තහනම නිෂ්පල ක්‍රියාවක් වී ඇත එම නිසා රජය විසින් අන්තර්ජාල වේගය අඩාල කිරීමට කටයුතු කිරීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් රජය රාජ්‍යත්‍රාන්තික වශයෙන් ඉල්ලීමක් ෆේස්බුක් ආයතනයෙන් සිදුකළහොත් අසත්‍ය ප්‍රචාර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල සැරිසැරීමට තිබෙනා ඉඩපහසුකම් ඉවත්වී යන අතර ෆේස්බුක් අවහිර කිරීමට රජයට සිදු නොවෙනු ඇත.ෆේස්බුක් ආයතනය මගින් අනතුරට පත් ෆේස්බුක් සාමාජිකයන් සොයාබැලීමට විධිවිධාන සපයා තිබියදී පවා ෆෙස්බුක් අඩවිය අවහිර කිරීමට කටයුතු කිරීම පිලිබදව බලවත් කනස්සලෙන් පසුවෙයි.

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස මිට පෙර අවස්ථා කිහිපයකදීම සමාජ මාධ්‍ය අවහිර කිරීම් වලට විරුද්ධව හඩ නැගු සංවිධානයක් වන අතර වෙනත් විකල්පයන් තිබියදී මෙම සමාජ මාධ්‍ය අවහිර කිරීම තරයේ හෙලා දකිමු.තවද මෙම අවහිර කිරීමට එරෙහිව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී අප සමූහය බලාපොරොත්තු වෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

Leave A Reply

Your email address will not be published.