පිපිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් 24 ක් අත්අඩංගුවට

පුද්ගලයන් 207 දෙනෙකු මරණයට පත් කරමින් එල්ල වු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකකරුවන් 24 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ඔවුන් රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඊයේ (21) ප්‍රහාරයට යොදා ගත් පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු දඹුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් කාත්තන්කුඩි සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවේය.

දෙමටගොඩ පිපිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන වෑන් රථයක රියදුරෙකුද වෑන් රථය සමඟ අත්අඩංගුවට ගෙන තිබු බව පොලීසිය පැවසුවේය.

Leave A Reply

Your email address will not be published.