හවසට වහිනවා

ගෙවුනු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අනුරාධපුරයට

දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහල මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.

සබරගමුව, මධ්‍යම,දකුණු, ඌව,බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලටමි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇතිවිය හැක.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව පැවසුවේ ගෙවි ගිය පැය 24 තුල උපරිම වර්ෂාපතනය මිලි මීටර් 113.7ක් ලෙස අනුරාධපුරයේ මහඉලුප්පල්ම ප්‍රදේශයෙන් වාර්තා වු බවයි.

Leave A Reply

Your email address will not be published.