රාජපක්ෂලාට කොහොමත් පණ එන්නේ ලේ සුවඳ ආවාමයි – මංගල සමරවීර Video

මාධ්‍ය සාකච්චාවක් කැඳවමින් ඔහු මේ බව කියා සිටියා. මෙලෙස සංවිධානාත්මකව එකම වෙලාවක බෝම්බ පිපිරවීම 2015 දී තමන් ඇතුළු රජය ආරම්භ කළ ප්‍රජාතන්ත්‍රවාදී ගමන ආපසු හැරවීමේ කූඨ ප්‍රයත්නයක් බව ඔහු කියනවා.
ඔහු වැඩි දුරටත් මෙසේ පැවසුවා.
” අපි 2015 ඉඳල ප්‍රජාතන්ත්‍රවාදය සහජීවනය සහ සංවර්ධනය කියන කුළුණු තුන උඩ මේ රට දියුණු කරලා, අද ක්‍රම ක්‍රමයෙන් මේ මුළු රටම ආර්ථික සෞභාග්‍යය කරා ලඟා වන විට යළි වතාවක් ලෝකයේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස සලකන කොට, ඒ වගේම ජාතිවාදයට ආගම් වාදයට එරෙහිව රජය වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන කොට මේ සියල්ල ආපසු හැරවීමේ ප්‍රහාරයක් හැටියටයි මම මෙය දකින්නේ..”
එලෙසම ජනතාවගෙන් සහ මාධ්‍යයෙන් ඔහු ඉල්ලා සිටියේ වගකීමෙන් කටයුතු කරන ලෙසයි.
මේ අතර ඔහු මෙලෙසද කීවේය.
” මට ආරංචියි දැනටමත් අපේ විපක්ෂනායකතුමා දැන් මළමිනී බල බල රුපවාහිනී කැමරා එක්ක යනවයි කියලා.. රාජපක්ෂලාට කොහොමත් පණ එන්නේ ලේ සුවඳ ආවාමයි කියන එක අපි හොඳට දන්නවා. මොකද මේ ලේ සුවඳින් ජීවත්වුණ රජයක් එදා තිබුණේ..”

සම්පුර්ණ කතාව පහතින්

Leave A Reply

Your email address will not be published.