කලිසමක් නිසා මාලිංගට වෙච්ච දේ

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් දඬුවමක් පනවා තිබේ.

ඒ නියමිත කණ්ඩායම් ජර්සියෙන් සැරසී නොසිටීම හේතුවෙන් ඉමෝජි කලිසමක් හෙවත් හාස්‍යජනක රූප ඇතුළත් කලිසමක් ඇදීමට සැලැස්වීමෙන්.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග සහ තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඊයේ දිනය පුරා හාස්‍යජනක රූප ඇතුළත් කලිසමකින් සැරසී සිටින ආකාරය දැක්වෙන විඩියෝවක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නිල ෆේස් බුක් ගිණුමේ පළ වී තිබුණි.

ඒ කණ්ඩායම් ජර්සියෙන් සැරසී නොසිටී ලසිත් මාලිංගට,කණ්ඩායම් රැස්වීමට ප‍්‍රමාද වී සහභාගි වූ යුවරාජ් සිංට, කණ්ඩායමේ වැඩසටහනක් සදහා කල්වේලා ඇතිව සහභාගි නොවු කිරාන් පෝලාර්ඞ් සහ කුවින්ටන් ඩි කොක් ඇතුළු මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ක‍්‍රිඩකයින් කිහිප දෙනෙකුටම එම දඩුවමට යටත්විමට ඊයේ(19) දිනයේ සිදුවු බව වාර්තා වෙයි.

නියමිත වේලාවට කටයුතු කිරිමේ යහපත් පුරුද්ද ඇති කිරිමේ අරමුණින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන මහේල ජයවර්ධන විසින් පසුගිය වසරේ සිට මෙම ඉමෝජි කලිසම ඇදිමේ දඬුවම හදුන්වා දුන් අතර කණ්ඩායම තුළ සිදු කෙරෙන තවත් වැරදි කිහිපයක් නිවැරදි කිරීමට ද එම දඬුවම ක්‍රියාත්මක වෙයි.

 

Leave A Reply

Your email address will not be published.

four × five =