මහින්ද ඉක්මනින් ම කොච්චිකඩේ ට යයි

අද උදෑසන කොළඹ කොච්චිකඩේ කතෝලික දේවස්ථානයකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් ටික වේලාවකට පසු හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට ගොස් ඒ සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කළේය.

ජනාධිපතිවරයා මේ වන විට විදෙස්ගතව සිටින අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රනිල් වික‍්‍රමසිංහ මහතා පස්වරුවේ එහි නිරීක්‍ෂණය කල බව වාර්තා විය.

කොටි සංවිධාන විසින් පසුගිය යුද සමයේ දී කැබිතිගොල්ලෑව ඇතුළු බෝම්බ ප්‍රහාර එල්ල කළ අවස්ථා ගණනාවකදීම ජනාධිපති ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා එම ස්ථානයට ගොස් ඔවුන් සමඟ සමීප නිරීක්‍ෂණය කරනු දක්නට ලැබිණි.

Leave A Reply

Your email address will not be published.