ගෝඨා ට එරෙහිව ඇමෙරිකාවේ නඩු පිට නඩු..ප්‍රභාකරන් ඝාතනයටත් නඩුවක් ?

එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විත්තිකරුවෙක් යැයි පවසමින් ඇමරිකානු අධිකරණයක නඩුවක් පැවරීමට සූදානම් වන්නේ යැයි වාර්තා වෙයි.

මෙම නඩුව සිවිල් නඩුවක් ලෙස දිස්ත්‍රික් අධිකරණයක පැවරීමට සූදානමක් ඇති බවත් ඊට අදාල සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බවත් තොරතුරු ඇත.

මෙම නඩු පැවරීම සදහා උපදෙස් මෙරට දේශපාලනඥයෙකු විසින් ලබා දෙමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ඇමරිකාවේ දිසා අධිකරණයේ මේ වන විටත් සිවිල් නඩු දෙකක් ගොනු කර තිබේ.

lankacnews

Leave A Reply

Your email address will not be published.