වන අරණක අවුරුදු උදාව

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ වණ අරණ සංවිධානය එක්ව සංවිධාන කළ “සිරිසර අවුරුදු” – වණ අරණක අවුරුදු උදාව අප්‍රේල් 06 වැනිදා පදවිය ශ්‍රී පුර කොලොන්ගොල්ල වැව් ඉස්මත්තේ දී අප්‍රේල් 06 වෙනි දින පැවැත්වුණා. එය අතිශය සාර්ථක අයුරින් අලංකාරවත්ව පැවතුණා.
මේ හා සමගාමීව සිරිසර පිවිසුම ව්‍යාපෘතිය යටතේ පිළිසකර කළ කොලොන්ගොල්ල වැව ජනතා අයිතියට පත්කිරීම ද සිදුවුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්.
මෙම උත්සව අවස්ථාවට ජනපතිතුමන් සමග යුද්ධ හමුදාපති තුමන් සහ ආදිවාසි නායක තුමන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියා.
මෙම අවුරුදු උත්සවයට සුවිශේෂී සංස්කෘතික අංග මෙන්ම ඉතා දුර්ලභ ජන ක්‍රීඩා රැසක් එක් කොට තිබුණා.
මෙම අති විශේෂ අවුරුදු උත්සවය අප්‍රේල් 14 දින සවස 4.30 සිට ජාතික රූපවාහිනීය ඔස්සේ පුරා පැය 3 ක් විකාශනය වීමට නියමිතව තිබෙනවා..

Photography – Thushara Sanjeewa /Jagath Nanayakara

සේයා සිත්තම් – තුෂාර සංජීව සමග ජගත් නානායක්කාර

 

Leave A Reply

Your email address will not be published.