ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයක් ? – දයාසිරි ජයසේකර

ජනාධිපතිවරයාගේ නිල කාලය පිලිබදව ඇති මත බේදාත්මක තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමේ වැඩි සම්බාවිතාවයක් පතින බව ශ්‍රී ලංකා නිදහස් පක්සයේ මහා ලේකම් දයාසිරි ජය සේකර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (09) කොළම කැඳවා තිබු මාධ්‍යහමුවක් අමතමින්.

එහිදි මාධ්‍ය වේදියෙකු නැගු ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර කීයද යන්න සම්බන්ධ ගැටළුව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසඳා අවසන් බවයි.

නමුත් එම කාලය පටන් ගන්නා දිනය සහ අවසන් වන දිනය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත දින නියමයක් නොමැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.