මසට ගිය ගවයින් මහ මඟ දී අවසන් ගමන් ගිය හැටි – දර්ශන සහිතයි

අම්පාර, මහඔය සිට වරකාපොළ දක්වා මස් පිණිස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් අද(09) අළුයම අනතුරට ලක්ව තිබේ.

අළුයම 5 ට පමණ මින්නේරිය සී.පී.පුර මංසන්ධියේ දී මාර්ගයෙන් ඉවතට පැන ලොරි රථයේ සිටි ගවයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සිදුවන විට ලොරි රථයේ ගවයින් 19 දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් සිව් දෙනෙක් මෙලෙස මියගොස් තිබේ.

ලොරි රථයේ රියදුරට රථය පාලනය කර ගත නොහැකිව මාර්ගය ආසන්නයේ පිහිටා තිබූ මගී බස් නැවතුමක් හා වෙළඳ සැලකට දැඩි හානි කරමින් මෙම ලොරි රථය මාර්ගයෙන් ඉවතට පෙරළී ඇත.

ප්‍රවාහනය කළ ගවයින් අතර, එළදෙනු දෙදෙනෙක් ද සිට ඇති බව මින්නේරිය පොලීසිය පවසයි.

අනතුරින් රියදුරට සුළු තුවාල සිදුව ඇති අතර, මින්නේරිය පොලීසිය විසින් ගවයින් සමඟ ඔහු ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් රියදුරු අද(09) හිඟරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Ada derana

Leave A Reply

Your email address will not be published.