ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
රෝගාතුරව සිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් ඒ මහතා මිය යනවිට 69 වැනි වියේ පසුවුණි.
දක්ෂ සංගීත නිර්මාණ ශිල්පියෙකු, ගී පද රචකයෙකු මෙන්ම ගායන ශිල්පියෙකු ලෙසද ඔහු මෙරට සංගීත ක්ෂේත්රයට අනුපමේය සේවාවක් සිදු කළේය.
“එක යායේ කකා වැටී” සහ “ගංගාව මමයි” යන ගීත සඳහා එච්.එම් ජයවර්ධන මහතා ගායනයෙන් දායක වී ඇත.
ඊට අමතරව රජ මැදුරක ඉපදී සිටියානම්, තනිවෙන්න ඉඩදෙන්න, සිහිනයකි ඔබ, වාසනා වේවා, කිරුළ මුතු, පුර පෝය හඳට , ඔබට මා ආදරය කළ බව සහ ප්‍රේමයේ විල්තෙරේ ඇතුළු ගීත රැසකට ඔහු සංගීතයෙන් දායක වුණි.
එච්.එම් ජයවර්ධන මහතා ප්‍රවීන ගායන ශිල්පිනියක වු මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමිපුරුෂා වන අතර ගායන ශිල්පී කසුන් කල්හාර මහතාගේ පියා වේ.