සත්ත්ව හිංසනයට එරෙහිව කියුබාවෙන් පා ගමනක්

සමාජවාදී රාජ්‍යයක් ලෙස සැළකෙන කියුබාවේ අපුරු නිදහස් පාගමනක් පවත්වා තිබේ.

කෙසේ වෙතත් මීට පෙර තනි පක්ෂ ක්‍රමයක් පවතින එරට තුළ පාගමන් සඳහා දැඩි වාරණයක් පැවතියේය.

කියුබාවේ හවානා අගනුවර මෙම පාගමන පැවැත්වුණේ සත්ව කෲරත්වයට එරෙහිව යි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊට සත්ත්ව ක්‍රියාකාරීන් ඇතුළුව කියුබානු වැසියන් සිය ගණනක් එක්ව සිටි බවයි.

තනි පක්ෂ ක්‍රමයක් පවතින කියුබාව තුළ මෙවැනි පාගමන් වාරණය කර තිබූ අතර එවැනි පසුබිමක බලධාරීන් මේ සඳහා ඉඩ ලබාදීම සුවිශේෂී බව මෙහි සංවිධාකයින් පවසයි.

මෙය රට තුළ අනාගතයේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව ඉඟියක් බවයි විචාරකයින් පෙන්වා දෙයි.

සිය සුරතල් සතුන්ද කැටුව කියුබානු වැසියන් ඉතා උනන්දුවෙන් සහ උද්‍යෝගයෙන් පාගමනට එක්ව වී සිටි අයුරුයි මේ.

එහිදී ඔවුන් සත්ත්ව කෲරත්වයට දැඩිව විරෝධය පළකර සිටි අතර සත්ව ආරක්ෂක පනතක අවශ්‍යතාව අවධාරණය කළේය.

මෙය කියුබානු වැසියන්ට සිය මතය ස්වාධීනව ප්‍රකාශ කිරීමට ලැබුණු අවස්ථාවක් ලෙස විග්‍රහ කෙරුණත් ඇතැමුන් කියා සිටියේ රට තුළ සංවිධානය වූ පළමු පාගමන මිනිස් අයිතිවාසිකම් පසෙකලා සතුන් වෙනුවෙන් සංවිධානය වීම උපහාසයට කරුණක් බවයි.

මේ අතර කියුබාව මෑතකදී අන්තර්ජාල වාරණය ඉවත් කිරීමට පියවර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් වූ පිරිසක්ද මේ පාගමනට එක්ව සිටි බව විදෙස් වාර්තා කියා සිටියේය.

 

Leave A Reply

Your email address will not be published.