මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එකට සිටිමු – “බක්මහ දිවුරුම“ ප්‍රතිඥාව ලබා දෙයි

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන “බක්මහ දිවුරුම” ප්‍රතිඥාව අද උදැසන ලබා දී තිබෙනවා .

කොළඹ නිදහස් චතුරශ්‍රයේදී “බක්මහ දිවුරුම” ප්‍රධාන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා..

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සදහා සහභාගී වී සිටි අතර අතර පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් ද ඊට සහභාගී වුණා.

රාජ්‍ය සේවකයින්, පාසල් සිසුන් සහ පොදු මහජනතාව බක්මහ දිවුරුමට එක් කරගැණුන අතර සිංහල හා දමිළ බසින් එම දිවුරුම ලබාදීම සිදුවුණා.

දරුණු සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ජනතාව මතවාදී වශයෙන් ඒකරාශී කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබෙනවා.

මේ අතර අද ලංකාවේ ප්‍රධාන ජාතික පුවත් පත් එකම ආකාරයක් ගෙන තිබුණා. ඒ මතින් නිදහස් රටක් වෙනුවෙන් එකට සිටිමු යන තේමාව සදහා
සැකසුණු දැන්වීමක් හේතුවෙන්. එය ඉතාම නිර්මාණශීලී අදහසක් බවයි බොහෝ දෙනා ප්‍රකාශ කළේ.

Leave A Reply

Your email address will not be published.