ජනාධිපතිවරණයේදී ගෝඨාට එරෙහිව සංගා…දෙමල මාධ්‍ය වාර්තා කරයි..

මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් ඔහුගේ ප්‍රතිවාදියා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතා තරග වනු ඇති බව දෙමළ මාධ්‍ය තිනකුරල් පුවත්පත වාර්තා කර ඇත.

ඒ සදහා වන සාකච්චා වට කිහිපයක්ම දැනටමත් පවත්වා ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

මෙම වාර්තාව පල කර තිබුනේ මාර්තු 31 වන දිනයි.

කෙසේ නමුත් සිය ට්විටර් ගිණුම ඔස්සේ එම වාර්තාවට ප්‍රතිචාර දක්වමින් සංගක්කාර සඳහන් කර ඇත්තේ එය ඉතා නිර්මාණාත්මක පල කිරීමත් වුවද සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

Leave A Reply

Your email address will not be published.