වැඩෙන දරුවන්ගේ මොළයේ වර්ධනයට සුදුසුම ආහාර මෙන්න

01. ධාන්‍ය වර්ග

රුධිරයේ ග්ලූකෝස් මට්ටම පවා නියාමනය කිරීමට උපකාර වන සංකිර්ණ වූ කාබෝහයිඩ්‍රේට ධාන්‍ය තුල අන්තර්ගත වනවා. ඊට අමතරව මෙමගින් මොළයේ නිසි ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට අවශ්‍ය වන ශක්තියත් මෙමගින් සැපයෙනවා. දරුවන්ට විශේෂයෙන්ම අවශ්‍ය වන මෙම සංකීර්ණ කාබෝහයිඩ්‍රේට අඩංගු වන ධාන්‍ය වර්ග ඔබේ දරුවාටත් ලබා දෙන්න.

උදෑසන ආහාර වේල සඳහා ධාන්‍ය දරුවාට ලබාදීම ඉතාමත් වටිනවා.

02. බේරී වර්ග

බ්ලූ බේරී “blue berries” සහ ස්ට්‍රෝබේරී “strawberries” වැනි බේරී වර්ග සතු වන අධික ප්‍රතිඔක්සිකාරක බලය මගින් කුඩා දරුවන්ගේ ධාරන ශක්තිය වර්ධනය වනවා.

මෙවන් පළතුරු සතු විටමින් C මගින් මතක ශක්තිය වර්ධනය කිරීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් වර්ධනය කරනු ලබනවා.

බේරී වර්ග සැලඩ් එකකට එක්කර හෝ අමුවෙන් දරුවාට ලබා දෙන්න.

03. බිත්තර

බිත්තර සතු ප්‍රෝටීන් සහ ඔමේගා 3 මේද අම්ලය මගින් දරුවාගේ මොළයේ නිසි වර්ධනය ඇති කරනවා. එමෙන්ම බිත්තර සතු “Choline” මගින් මොළයේ මතක සෛල වර්ධනය කිරීමත් සිදු වනවා.

බිත්තර තම්බා ආහාරයට දීම වඩාත් ගුණදායක වුවත් ඔබේ කුඩා දරුවා එය ප්‍රතික්ෂේප කරනවා නම් බිත්තර තෙල් දමා හෝ අතරින් පතර ලබා දෙන්න.

04. යෝගට්

ප්‍රෝටීන්, මේදය සහ විටමින් B සපයාගත හැකි තවත් ගුණදායක මාර්ගයක් වන්නේ යෝගට් ආහාරයට ගැනීමයි. යෝගට් තුල අන්තර්ගත වන මේදය කුඩා දරුවෙකුගේ මොළයේ වර්ධනයට අත්‍යාවශ්‍ය වනවා. මේදය මගින් මොළයට ලැබෙන සංඥා සහ මොළයෙන් නිකුත් කරන සංඥා නිසි ලෙස නියාමනය කරනු ලබනවා.

05. මත්ස්‍යයින්

මත්ස්‍යයින් දරුවෙකුට ආහාරයට ලබා දීම මගින් මතක ශක්තිය ගිලිහී නොයා ආරක්‍ෂා වීමට අවශ්‍ය වන ඔමේගා 3 මේද අම්ල සහ විටමින් D නිසි පරිදි ලබා දෙන්නට පුළුවන්. මත්ස්‍යයින් අතරින් බල මත්ස්‍යය ව්‍යංජනය ඔබේ දරුවාට ආහාරයට ලබා දීමවඩාත් ගුණදායක වනවා.

06. Nut Butter

“Nut Butter” තුල අඩංගු වන මේදය මොළයේ වර්ධනයට සහ සමස්ත ශරීර වර්ධනයටම අවශ්‍ය වනවා. රටකජු බටර්, කජු බටර් සහ කොට්ටම්බා භාවිතා කර සකස් කල බටර් සතුව සෞඛ්‍යය සම්පන්න මේදය අන්තර්ගත වනවා.

07. කොළපැහැති එළවළු

එළවළු මගින් ශරීරයට විටමින් වර්ග සහ ෆෝලික් අම්ලය නිසි පරිදි ලබා ගන්නට පුළුවන්. ඔබේ දරුවාට නිවිති සහ “kale” වැනි එළවළු වඩ වඩාත් ආහාරයට ලබා දෙන්න. “kale” සතු“Sulforaphane” සංයෝගය මගින් ශරීරය පිරිසිදු කිරීමත් “diindolylmethane” මගින් මොළයේ නව සෛල වර්ධනය වීමත් සිදු වනවා.

08. ඔට්මීල් “Oatmeal”

ඔට්මීල් සතු තන්තු සහ ප්‍රෝටීන් මගින් මොළයේ සහ හදවතේ ධමනිනිසි ලෙස සෞඛ්‍යය සම්පන්න කරනු ලබනවා. ඔබේ දරුවාගේ බුද්ධි මට්ටම නිසි ලෙස වර්ධනය කර ගැනීමට නම් දරුවාට ඔට්මීල් ලාබා දෙන්න.

ඔබ දරුවට ඔට්මීල් සකස් කර දීමේ දී සීනි එක්නොකර මීපැණි සහ කුරුඳු කුඩු එක්කරන්න. කුරුඳු කුඩු මගිනුත් මොළයේ සෛල වර්ධනය කිරීම සිදු වනවා.

09. Fortified Cereals

ධාන්‍යමය “Fortified Cereals” ෆෝලේට් සහ සංකිර්ණ කාබෝහයිඩ්‍රේට වලින් පොහොසත් වනවා. එමෙන්ම මේවා තුල ප්‍රෝටීන් සහ විටමින් B12 අන්තර්ගත වන නිසා විවිධ කරනු මතකයේ තබා ගැනීමට මෙය ශක්තියක් වනවා.

10. ජලය

දරුවෙකුට ජලය අනෙත් සෑම දෙයකටම වඩා වැඩිපුරලබා දිය යුතුයි. පාසල් යන දරුවෙකු නිතරම ජලය සුළු ප්‍රමාණයක් පානය කිරීමට හුරුවී සිටින නිසා එම දරුවා ඉක්මණින් විජලනයට පත් වනවා. මෙය මොළයේ ක්‍රියාකාරීත්වයට විශාල භාදාවක්. ඔබේ දරුවා පිළිබඳ නිසි අවධානය යොමු කර දරුවාට අවශ්‍ය කරන නිසි ජලය ප්‍රමාණය ලබා දෙන්න. එමගින් දරුවාගේ මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය වේවි.

11. ඇපල් සහ ප්ලම්

ඇපල් සහප්ලම් සතුප්‍රතිඔක්සිකාරකයක් වන “quercetin” මගින් ඥානය වර්ධනයකරනවා. මේ නිසා ඇපල් සහප්ලම් යනු දරුවෙකුගේ ඥානය වර්ධනය කරදෙන පෝෂදායි පළතුරු වර්ග දෙකක්. නමුත් මේ සඳහා භාවිතා කල යුත්තේ රසායනික ද්‍රව්‍ය කිසිවක් නොයෙදූ ඇපල් පමණයි.

12. බ්‍රාකෝලි සහ Cauli flower

බ්‍රාකෝලි සහ “Cauliflower” සතුවමොළයේ වර්ධනයට අත්‍යාවශ්‍යවන පෝෂකයක් වන “choline” අඩංගු වනවා. මෙමගින් මොළයේ වර්ධනය මෙන්මමොළය සහ අනෙත් අවයවඅතර සිදු කරන සන්නිවේදනයත් වර්ධනය කරනු ලබනවා.

13. හරක් මස්

යකඩ ඌනතාවයෙන් පෙලෙන දරුවන්ගේ ඥාණය තරමක් අඩු වන්නට පුළුවන්. නමුත් හරක් මස් යකඩ ඌනතාවයෙන් පෙලෙන දරුවෙකුට ලබා දීම මගින් ඥානය වර්ධනය කර ගන්නට පුළුවන්. හරක් මස් තුල සින්ක් සංයෝගය අඩංගු වන නිසාත් මතකය වර්ධනය වනවා.

14. කාබනික ආහාර

කෘමිනාශක වල් නාශක නොයෙදූ කාබනික ලෙස වගාකළ ආහාර වර්ග මගින් කිසිම ආකාරයක “neurodevelopment” ගැටළුවක් ඇති නොකර මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරනු ලබනවා.

15. වට්ටක්කා ඇට

වට්ටක්කා ඇට මිටක් දරුවාට දිනකට ශරීරයට අවශ්‍ය වන සින්ක් ප්‍රමාණය ලබා දෙනවා. මෙමගින් දරුවාගේ සිතීමේ හැකියාව වර්ධනය වනවා. ඔබේ දරුවා ලබාගන්නා ආහාර වලට වට්ටක්කා ඇට කෙසේ හෝ එකකර ආහාරයට ලබා දෙන්න.

Leave A Reply

Your email address will not be published.

three × 4 =