කෙසෙල් ගෙඩි කෑවට ගුණ දන්නෙ නෑ නේද ? මෙන්න දැන ගන්න

දිනපතා කෙසෙල් ආහාරයට ගැනීම මගින් ශරීරයට අත්වන වාසි

ශරීරය කැල්සියම් ඌනතාවයෙන් ආරක්‍ෂා කරයි
කෙසෙල් ආහාරයට ගැනීම මගින් කැල්සියම් නිසියාකාරව සපයා ශරීරයට කැල්සියම් හිග වීමෙන් ආරක්‍ෂා කර දෙයි.

බුද්ධිමත්භාවය වර්ධනය කරයි
කෙසෙල් ආහාරයට ගැනීම මගින් බුද්ධිමත්භාවය වර්ධනයවී තර්කන හැකියාව වැනි හැකියාවන් වර්ධනය වනවා. මෙසේ සිදු වන්නේ කෙසෙල් තුල අන්තර්ගත වන පොටෑසියම් මගින් මොලයේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කරන නිසයි.

වකුගඩු තුල පිළිකා ඇතිවීම වලක්වයි
කෙසෙල් අනුභව කිරීම මගින් කැල්සියම් අවශෝෂණය වේගවත් කරන නිසා වකුගඩු තුල ගල් හට ගැනීම සහ වකුගඩු තුල පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා.

රක්තහීනතාවය දුරු කරයි
කෙසෙල් යකඩ වලින් පොහොසත් වීම නිසා කෙසෙල් අනුභව කිරීමේදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ රුධිරයේ ගුණත්වය වර්ධනය කර රක්තහීනතාවය දුරු කරයි

ආහාර ජීර්ණය නියාමනය කරයි
කෙසෙල් තුල ද්‍රාව්‍ය තන්තු අන්තර්ගත වන නිසා කෙසෙල් ආහාරයට ගැනීම මගින් මලබද්ධය සහ ආහාර ජීර්ණය පද්ධතිය ආශ්‍රිත වෙනත් රෝග සුව කර නිසි පරිදි ආහාර ජීර්ණය නියාමනය කරනු ලබනවා.

රුධිරයේ සීනි මට්ටම නියාමනය කරයි
කෙසෙල් ආහාරයට ගැනීම මගින් රුධිරයේ සීනි මට්ටම නියාමනය කර විශාදය වැනි තත්වයන් දුරු කර මනෝභාවය පවා නිසි පරිදි වර්ධනය වනවා.

හෘද්‍යාබාධ සහ ආඝාත රෝග වලකයි
කෙසෙල් තුල අඩු සෝඩියම් ප්‍රමාණයක් සහ වැඩි පොටෑසියම් ප්‍රමාණයක් අන්තර්ගත වන නිසා දිනපතා කෙසෙල් ආහාරයට ගැනීම මගින් හෘද්‍යාබාධ සහ ආඝාතය වැනි තත්වයන් ඇතිවීමේ අවදානම වලක්වා ගන්නට පුළුවන්.

විශාදය සමග සටන් වදියි
කෙසෙල් තුල “tryptophan” නමැති සංයෝගයක් අන්තර්ගත වන අතර කෙසෙල් ආහාරයට ගැනීමෙන් පසුව මෙම සංයෝගය “serotonin” බවට පත් වනවා. “neurotransmitter” යක් වන මෙම සංයෝගය මගින් විශාදය වැනි මානසික ගැටළු දුරු කර මනෝභාවය වර්ධනය කිරීම සිදු කරනවා.

ශරීරයේ දැවිල්ල වැනි වේදනාවන් දුරු කරයි
කෙසෙල් තුල වේදනාව වැනි තත්වය සමනය කිරීමට උපකාර වන සංයෝග සහ විටමින් B6 අන්තර්ගත වනවා. මෙම සංයෝගයන් සන්ධි වේදනාවන් සහ දියවැඩියාව දෙවන අදියර පාලනය කිරීමට උපකාර වන අතර ස්නායු පද්ධතිය සංසිදුවාලීමද සිදු කරනවා.

කෙසෙල් මගින් ශරීර ශක්තිය වර්ධනය කරයි
කෙසෙල් ආහාරයට ගැනීම මගින් ශරීර ශක්තිය වර්ධනය වන අතර ව්‍යායාම සිදු කරන පුද්ගලයින්ට පවා කෙසෙල් ඔවුන්ගේ ආහාර වට්ටෝරු සඳහා නිර්දේශ කරනු ලබනවා.

Leave A Reply

Your email address will not be published.