උස නම් සෙකුරිටි, මිටි නම් කම්කරු කියා රට පාලනය කරන්න බෑ – රවී ගෙන් සජිත්ට ප්‍රහාරයක්

"රුපියල් සීයක් දීල කියනවා ලක්ෂ 40 ක ගෙයක් හදන්න කියල "

එක්සත් ජාතික පක්ෂය තුළ කතා කිරීමට හැකි නායකයින් කෙතරම් සිටියද, වැඩක් කිරීමට හැකි නායකයින් සිටින්නේ අල්පයක් බව එම පක්ෂයේ උප නායක අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අපේ විරැකියා ප්‍රශ්නයට උත්තර හොයද්දි උස නම් සිකුරුටි, මිටි නම් කම්කරු කියල නෙමෙයි, හොයන්න ඕන කොහොමද රැකිරක්ෂා , ආදායම් උත්පාදනය කරන්නේ යනුවෙන් ඇමතිවරයා පැවසුවා.. ගෙයක් නැහැ කිව්වම මෙන්න රුපියල් සීයක් කියල ලක්ෂ 40ගෙයක් හදන්න පුළුවන්දැයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා .

රට හැදිය හැකි කාලය උදාවී ඇති බවත්, සෑම දේශපාලන පක්ෂයක්ම පසුගිය වසර 71 ක් තුළ රට හැදීමට මෙන්ම නැති කිරීමටත් විශාල දායකත්වයක් ලබා දී ඇති බව ද පැවසු අමාත්‍යවරයා, එක්සත් ජාතික පක්ෂය තුළ අද වන විට කථා කාරයෝ රැසක් සිටින බවත් වැඩකාරයෝ බොහෝම අඩුවෙන් සිටින බව ද සඳහන් කළා.

දේශපාලඥයෝ පත් කරන්නේ ජනතාවට සේවය කිරීමට මිස තමාට සේවයක් කර ගැනීමට නොවන බව ද පැවසු අමාත්‍යවරයා, අද වන විට ආර්ථිකයේ සැබෑ වෙනසක් ඇති කළ යුතුව ඇති බව ද ප්‍රකාශ කළා.

Leave A Reply

Your email address will not be published.