හමුදාව උතුරෙන් ඉවත් වනවාට දෙමළ ජනතාවගේ විරෝධය !! රණවිරුවන් ඉල්ලා උතුරේ පෝස්ටර්

ශ්‍රීධරන්ලා ට, සුමන්දිරම්ලා ට කට උත්තර නෑ ?

හමුදාවන්ගේ සහ පොලීසියේ සහය තවදුරටත් අවශ්‍ය බව පවසමින් කිලිනොච්චිය සහ මුලතිව් ප‍්‍රදේශවල පෝස්ටර් සහ බැනර් ප‍්‍රදර්ශනය කර තිබෙනවා. ඉකුත් දා ඇතිවූ ආපදාවලදි තමන්ට සහය වූයේද, දෙමළ දේශපාලනඥයින් නොව හමුදාව සහ පොලීසිය බවයි ඒවායේ දැක්වෙන්නේ.

ඒ නිසා වන්නියේ දෙමළ වැසියන් හමුදාවට සහ පොලීසියට ගරු කරන බව ද එම පෝස්ටර්වල සඳහන්ව තිබෙනවා. ‘‘යුද හමුදාව උතුරෙන් පිටව යායුතු නොවේ’’ යනුවෙන් ද ඇතැම් පෝස්ටර් සහ බැනර්වල සඳහන්ව ඇති බව එහි සඳහන්.

විපතට පත්වූවන්ට ලබා දුන් ආහාර පාර්සල්වල කඩදාසි හෝ ආධාර අසුරා තිබූ කාඞ්බෝඞ් පෙට්ටි ඉරා ලබා ගත් කාඞ්බෝඞ් තීරුවල මෙම බොහෝ පෝස්ටර් ලියා තිබෙනවා. රෙදි මත ලියන ලද බැනර් ද දැකගත හැකියි.. සංවර්ධන කටයුතු විස්තර කරමින් සවි කර ඇති පුවරුවල ද මෙවැනි පෝස්ටර් සහ බැනර් ප‍්‍රදර්ශනය කර තිබෙනවා.

පසුගිය දා දෙමළ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් පැවසුවේ ගංවතුරින් ජනතාව බේරාගැනිම හමුදාවේ යුතුකමක් බවත්, නමුත් හමුදාව සමාන්‍ය ජන ජිවිත වලට බලපැම් කිරිම හා මෙහි රැදි සිටිම අවශ්‍ය නැති බවත් ය.

නමුත් උතුරෙන් යුද හමුදාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තමන් විරුද්ධ බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසනවා.

උතුරෙන් හමුදාව ඉවත් කිරීම, ස්වයං පාලන ඉල්ලීම ජනතාවගේ වුවමනාව නොව සුළුතර බල ලෝභී මෙන්ම ඩයස්පෝරාවේ මුදල් වලින් යැපෙන දේශපාලකයන් කිහිප දෙනෙක් ගේ වුවමනාව බව මෙයින් පෙන්නුම් කෙරෙන්නේ යයි දේශපාලන විචාරකයින් ප්‍රකාශ කරනවා.

Leave A Reply

Your email address will not be published.