ප්‍රාදේශීය සභා ඡන්දය කල් දමා දෙන ලෙස ජනපති අපෙන් ඉල්ලුවා – පා.ම. අජිත් පී. පෙරේරා

තව මාස 11 කින් ප්‍රාදේශීය සභා, නගර සභා විසිරුවා හැර එක්සත් ජාතික පක්ෂයේ බලය අපි තහවුරු කර ගන්නවා

ඇත්තම කතා කලොත් පසුගිය ප්‍රාදේශීය සභා චන්දය එක්සත් ජාතික පක්ෂය පරාද බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවර්ධනය කර ලොකු කෑල්ල කඩා ගන්නා තෙක් ප්‍රාදේශීය සභා චන්දය කල් දමා දෙන ලෙස ජනාධිපතිවරයා අපෙන් ඉල්ලු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා මහතා පවසනවා. එසේ නැතිව 2015 ජනාධිපතිවරණය දිනු ගමන් ප්‍රාදේශීය සභා චන්දය තැබුවා නම් එක්සත් ජාතික පක්ෂය ජය ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළා.

මොනවා වුණත් අපේ ජනාධිපති නිසාත්, ඔහු දේශපාලන වශයෙන් ශක්තිමත් වීම අපට හොඳ නිසාත් අපේ නායකයින් ඔහුගේ ඉල්ලීමට ඉඩ දුන් බව අජිත් පී.පෙරේරා ප්‍රකාශ කරනවා. එතනදී අපට වැරදුනා.. ” නමුත් ඒ වරද අපි ආපහු කරන්නේ නැහැ. ජනාධිපතිවරණය ජයග්‍රහණය කල සැනින් තව මාස 11 කින් ප්‍රාදේශීය සභා, නගර සභා විසිරුවා හැර එක්සත් ජාතික පක්ෂයේ බලය අපි තහවුරු කර ගන්නවා” යැයි මන්ත්‍රී වරයා ප්‍රකාශ කළා.
ඔහු මේ අදහස් පල කළේ එක්සත් ජාතික පක්ෂයේ රුවන්වැල්ල ප්‍රදේශයේ තිබු ජනහමුවක් අමතමින්

Leave A Reply

Your email address will not be published.