අලුත්ගම තවමත් උණුසුම්/පොලිස් ඇදිරි නිතිය දිගටම/ Police imposes curfew after Buddhist-Muslim clashes

aluthgama-bodu-samuluwa-4

අලුත්ගම තවමත් උණුසුම්/පොලිස් ඇදිරි නිතිය දිගටම/ Police imposes curfew after Buddhist-Muslim clashes.

News Today videos:අලුත්ගම තවමත් උණුසුම්/පොලිස් ඇදිරි නිතිය දිගටම/ Police Curfew in Aluthgama.

update…

අලුත්ගම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒමට පරීක්ෂණයක් පවත්වන බව ට්වීටර් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.රටේ නීතිය කිසිවකුගේ අතට ගැනීමට ආණ්ඩුව ඉඩ නොතබන බවත් පවතින තත්වය යටතේ සංයමයෙන් කටයුතු කරන මෙන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවත් ට්වීටර් පණිවුඩයේ වැඩි දුරටත් සදහන්.

Update…

අලුත්ගම සිදුවිම සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග පිළිබදව තමන් ඉමහත් සතුටට පත්ව සිටින බව මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකිම් සදහන් කොට තිබේ.ඒ මහතා මේ අදහස් පල කලේ අද පැවති මුස්ලිම් කොන්ග්‍රසයේ 25වන නියෝජිත සමුළුවෙදියි.රජය ඉදිරියටත් මෙසේ ක්‍රියාතමක විය යුතු බවත්,අවදානම් තත්වය ඉවත්ව ගොස් නැති බවත් ඇමතිවරයා මෙහිදි පවසා තිබේ.

Update…

වහාම ක්‍රියාත්මක වන පරිදි අලුත්ගම සහ බේරුවල පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

අලුත්ගම දර්ගා නගරයේදී අද (15) පස්වරුවේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ අතර ඇඳිරි නීතිය ඉවත් කරන වේලාව පිළිබඳ පසුව දැනුම්දෙන බව හෙතෙම සඳහන් කළේ ය.

මේ අනුව ඇති වී තිබෙන නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා මෙලෙස පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

වහාම කි‍්‍රයාත්මක වන පරිදි බේරුවල පොලිස් බල ප‍්‍රදේශයටද පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙනවා. පොලිස් මූලස්ථානය පැවසුවේ අලුත්ගම ප‍්‍රදේශයේ ඇති වී තිබෙන නොසන්සුතාව බේරුවල ප‍්‍රදේශය දක්වා පැතිර යාම වැළැක්වීම සදහා මෙලෙස ඇදිරි නීතිය පැන වූ බවයි. අද පස්වරු 6.45 සිට යළි දැනුම් දෙන තුරු අලුත්ගම පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙනවා.පොලිස් ඇඳිරිනීතිය බල පවත්වන කාලය තුළ එම බල ප්‍රදේශයේ වීදිවල, මහාමාර්ගවල ගමන් කිරීම හෝ වාහන ගමනාගමනය ද එක්රැස්වීම් ද සිදු නොකළ යුතු ය. මෙම නීතිය කඩකරන්නන් මෙන් ම වාහන ද අත්අඩංගුවට ගැනීමට සිදුවන බවත් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 10 වැනි පරිච්ඡේදය අනුව කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Update…

aluthgama-bodu-samuluwa-5

අලුත්ගම නගර මධ්‍යයේ අද සවස බොදු බල සේනා සංවිධානය ප්‍රමුඛව තවත් බෞද්ධ සංවිධාන රැසක සහභාගිත්වයකින් බොදු සමුළුවක් පැවැත්විණි. රට පුරාම ව්‍යාප්තව ක්‍රමයෙන් ආක්‍රමණකාරී ස්වරූපයක් ගන්නා මුස්ලිම් අන්තවාදය ගැන තවදුරටත් කරුණු හෙළිදරව් කිරීම මෙම බොදු සමුළුවේ අරමුණ බව බොදු බල සේනා සංවිධානය පවසා සිටියේය. බොදු සමුළුව සාමකාමී අයුරින් පැවති අතර, සමුළුව අවසානයේ එහි නියෝජිත පිරිස් සිය වාහන වලින්, පසුගිය පොසොන් පෝය දා ධර්ම දේශනයකට වැඩම කරමින් සිටියදී මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකුගේ පහර කෑමට ලක්වූ ස්වාමින් වහන්සේ විහාරස්ථානයට ඇරලවීම පිණිස උන්වහන්සේ වැඩසිටින, අළුත්ගම, දර්ගා නගරයේ, කුරුඳුවත්ත, විජයාරාමය විහාරස්ථානය වෙත රිය පෙරහැරකින් ගමන් කරමින් සිට ඇත.

බොදුබල සේනා හිමිවරුද ගිහියන් ද ඒ හිමියන් සමඟ වාහන වලින් නගරයට ඇතුළු වෙද්දී දෙපිරිසක් අතර කලබලයක් ඇති වු බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති. පාරේ සිටි අයගෙන් වාහනවල ගිය අයට මුලින්ම ගල් මුල් එල්ල විය .ඉන් පසු දෙපැත්තම ගල් මුල් ගසන්නට විය.

සෑහෙන පිරිසකට ගල් මුල් වැදුණු බවත් ඇතැම් පිරිස් පසු පස හබාගොස් පහර දුන් බවත් සදහන් වෙයි.පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලීසිය සිටියදීම වසා තිබු කඩවලට ගල් මුල් එල්ල විය.පිරිස් විසරවිමට කදුළු ගෑස්  හා ජල ප්‍රහාර එල්ල කර තිබේ.අලුත්ගම නගරයේ කඩ දහයකට පමණ ගිනි තබා ඇතැයි ද වාර්තා  වේ.

10479589_337279389763149_5377648675444568641_n

10310666_337279413096480_8972491318209688111_n

Police imposes curfew after Buddhist-Muslim clashes

authorities have imposed a curfew on two southern towns to quell clashes between a Buddhist group and Muslims.

The latest violence began after a Buddhist rally in Aluthgama.

Several people are reported to have been injured, shops burned and stones thrown at Buddhist marchers there.

The curfew was later extended to include mainly Muslim Beruwala. Muslims make up around 10% of Sri Lanka’s predominantly Buddhist population.

The clashes are said to have begun after the rally held by the BBS, the Bodu Bala Sena, or Buddhist Brigade.After its rally, the BBS marched into Muslim areas chanting anti-Muslim slogans, reports say, and the police used tear gas to quell the violence. Unconfirmed reports say security forces also used gunfire

The gathering came three days after a smaller clash between Muslim youths and a Buddhist monk’s driver.

President Mahinda Rajapaksa has announced an investigation.

“The government will not allow anyone to take the law into their own hands. I urge all parties concerned to act in restraint,” he tweeted.