ඇමති පාඨලීගේ රිය ගැටුනු අනතුරේ CCTV දර්ශණ මැකිලා.

06

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අයත් රථයක ගැටී තරුණයෙකු අනතුරට ලක්වීමේ සිද්ධියට අදාළ නඩුව  කොළඹ  රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.

එහිදී වැලිකඩ පොලීසිය අධිකරණයට වාර්තා කරමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත් බවයි.

එම සිද්ධිය සිදු වූ අවස්ථාවේ එම ස්ථානයේ තිබූ සී.සී .ටී.වී කැමරාවලින් දර්ශන ලබා ගෙන පරීක්ෂණ සිදු කළ ද එම සිද්ධිය වූ දිනයේ දර්ශන සී.සී.ටී.වී කැමරාවලින් මැකිගොස් තිබූ බව පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

එමෙන්ම අධිකරණයෙන් ලබා ගත් නියෝග  අනුව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ දුරකතන අංක 03ක් පිළිබඳව ද පරීක්ෂා කර වාර්තා ලබා ගත් බව පොලීසිය අධිකරණයට දැනුම්  දී ඇත.

කෙසේ වෙතත් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට කියා සිටියේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පොලීසියට ලබාදුන් දුරකතන අංක එම අවස්ථාවේ ඔහු විසින් භාවිත නොකළ ඒවා බවයි.

එම අවස්ථාවේ අමාත්‍යවරයා විසින් භාවිත කළ බව කියන දුරකතන අංක 02ක් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් විසින් අධිකරණය වෙත ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව එම අංක ද පරීක්ෂා කර බලා වාර්තාවක් කැඳවන ලෙස කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *