ලංකාවට බලාපොරොත්තුවක් ඉතිරි කරමින් ඉන්දියාව බංගලියන් පරදවයි ..

478

‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස ඉන්දියාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 17ක විශිෂ්ට ජයක් හිමිකරගැනිමට ඉන්දියානු කන්ඩායම සමත්විය.

ඒ අනුව  නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සමත් වූ අතර අනිද්දා(16 වැනිදා) පැවැත්වෙන ශ‍්‍රී ලංකා – බංගලාදේශ තරගයෙන් ජයග‍්‍රහණය කරන කණ්ඩායම සමග තරග වැදීමට නියමිතව ඇත.

ජයග‍්‍රහණය සදහා ලකුණු 177ක් ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 159ක් පමණි.

ශ‍්‍රී ලංකාව සමග පැවැති තරගයේදි නොතිබු ජයක් හිමිකරදුන් මුෂ්ෆිකර් රහීම් කණ්ඩායමේ වැඩිම ලකුනු ලාභියා වෙමින් එක් හයේ පහරක් හා හතරේ පහර 08ක් සමගින් නොදැවී ලකුනු 72ක් රැස් කිරීමට සමත් වුවත් එය ඔවුන්ගේ ජයග‍්‍රහණය සදහා ප‍්‍රමාණවත් නොවීය.

විශිෂ්ට පන්දු යැවීමට නිරත වූ වොෂින්ටන් සුන්දර් පන්දු 04 ලකුනු 22කට සීමා කරමින් කඩුලු 03ක් බිද දැමූ අතර යුෂ්වේන්ද‍්‍ර චහාල් හා ශදූල් ඨාකූර් එක් කඩුල්ල බැගින් දවා ගැනිමට සමත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 176 ක් ලබාගත්තේය.

ඉන්දීය ඉනිමේ කොඳුනාරටිය බවට පත්වූ නායක රෝහිත් ශර්මා පන්දු 61 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 89 ක් රැස්කළ අතර ඉනිමේ අවසන් පන්දුවේදී දුවද්දී දැවීයෑමටකට ලක්විය. ශිකර් ධවාන් (35) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශර්මා, ඉන් නොනැවතී සුරේෂ් රයිනා (47) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග වේගයෙන් ලකුණු රැස්කරමින් සිටි ධවාන්ගේ කඩුල්ල බිඳ දැමීමට රුබෙන් හුසේන් සමත් විය. හුසේන්ගේම පන්දුවක් හමුවේ සෞම්‍ය සාකර් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 30 කට මුහුණදී සිට රයිනා හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සරසා තිබිණි.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක මහමදුල්ලා රියාද් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායමට ජයදේව් උනාඞ්කට් වෙනුවට මොහොමඞ් සිරාජ් කැඳවා සිටි අතර බංග්ලාදේශ කණ්ඩායමට ටස්කින් අහමඞ් වෙනුවට අබු හයිදර් කැඳවා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here