ශ‍්‍රී ලංකා කණ්ඩායමට සැනසුම් සුසුමක්..

603

ශ්‍රී ලංකා නව ආරම්භක පිතිකරු වශයෙන් කටයුතු කරන කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර එළැඹෙන 16 දා පැවැත්වෙන තිරණාත්මක තරගයට ක්‍රීඩා කිරීමට සූදානම් බව ක්‍රිකට් වාර්තා සඳහන් කරයි.

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර 12 දා පැවැති තරගයේ පන්දු රැකීමේදී කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්විය.

කෙසේ වෙතත් සිකුරාදා පැවැත්වෙන තරගයට ක්‍රිඩා කිරීමට ප්‍රමාණවත් සුවයක් මේ වන විට කුසල් මෙන්ඩිස්ට ලැබි ඇතැයි වාර්තා වෙයි.

නිමාවට පත් වූ ඉන්දියා හා බංගලදේශ තරග දෙකෙහිම අර්ධ ශතක දෙකක් වාර්තා කරමින් ශ‍්‍රී ලංකා කන්ඩායම ඉහළ ස්ථානයකට ඔසවා තැබීමට කුසල්ට හැකි වූ අතර මෙම තරගාවලියේ තෙවැනි වැඩිම ලකුනු ලාභයා වන්නේද කුසල් මෙන්ඩිස් ය.

ඇන්ජලෝ මැතිව්ස්,අසේල ගුණරත්න හා ශෙහාන් මධුශංක වැනි ප‍්‍රබලතම ක‍්‍රිඩකයින්  අබාධ හේතුවෙන් අහිමිවී තිබියදී,  කුසල් ක‍්‍රීඩා කළ හැකි සුවයකට පැමිණීම ශ‍්‍රී ලංකා කණ්ඩායමට සැනසුම් සුසුමකි.

නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය 18 දා පැවැත්වීමට නියමිත අතර එම තරගයට සුදුදුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි  තරගය ජය ගත යුතුම වෙයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here