‘අපේ සැලසුම් වැරදුනා’..පිතිකරණ ශක්තිය අඩුකරමින් සුරංග ලක්මාල් කණ්ඩායමට කැදවූ හේතුව තිසර හෙළිකරයි..

277

නිදහස් කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවැති පළමු තරගයෙන් කඩුලු 05ක විශිෂ්ට ජයක් හිමිකරගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන් පසු බංගලාදේශය හා ඉන්දියාව සමග පැවැති තරග දෙකම පරාජයට පත්විය.

ආර්. පේ‍්‍රමදාස පිටියේ හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව සටහන් කරමින් පළමු තරගයේදී ලකුණු 175ක් හඹා යමින් තරගය ජයගැනීම ශ‍්‍රීලංකා කණ්ඩායම සමත්වුවත් දෙවැනි තරගයේදී බංගලියන් එරෙහිව ලකුනු 214ක් වැනි දැවැන්ත ලකුනු පුවරුවක් ආරක්ෂා කරගැනීමට පන්දු යවන්නන් නොහැකි විය.

බංගලාදේශය සමග පැවැති තරගයේදී මන්දගාමී පන්දුවාර වේගය හේතුවෙන් නායක දිනේෂ් චන්දිමාල්ට ඊයේ ඉන්දියාව සමග පැවැති තරගය අහිමිවූ අතර ඒ වෙනුවට තවත් පන්දු යවන්නකු වන සුරංග ලක්මාල් ඇතුළත් කළ නමුත් ඔහුගෙන්ද සාර්ථක පන්දු යැවීමක් දැකගත නොහැකි විය.

ඒ පිළිබදව ඊයේ තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වැඩබලන නායක තිසර පෙරේරා පවසා සිටියේ පසුගිය තරග දෙකෙහිම පිතිකරණය සාර්ථක වූ නිසා අමතර පන්දු යවන්නකු කණ්ඩායමට ඇතුළත් කළ බවයි

‘අපි පසුගිය තරග දෙක ගැන බලද්දී අපිට අංක 07 හෝ 08ට පිතිකරුවකු අවශ්‍ය වුනේ නෑ.ඒක නිසයි අපි හිතුවේ පන්දු යවන්නෙක් චන්දිමාල්ගේ තැනට යොදාගන්න.පසුගිය තරග දෙකේදිම අපේ පිතිකරණය ගොඩක් සාර්ථකයි..ඒත් අද තරගය අපිට හොදින් පිතිකරණයේ යෙදෙන්න බැරි වුනා.

වැස්සත් එක්ක අපිට තවත් පන්දු යවන්නෙක් අවශ්‍ය කරල තිබුනා.අපේ සැලසුම් වැඩ කළේ නෑ..ඒකයි අපි පරදින්න මූලික හේතුව..අපි ලකුණු 175ක් හෝ 180ක් රැුස් කලානම් තරගය ගොඩක් තරගකාරී වෙන්න තිබුනා.ඒක නිසා වැරදුනු තැන් හදාගෙන අපි ඊළග තරගයට සාර්ථකව මුහුණ දිය යුතුයි.’

ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ඊයේ තරගයේදි විශිෂ්ට ඉනිමක් ක‍්‍රිඩා කරමින් ලකුණු 55ක් රැස් කළ අතර තිසර පවසා සිටියේ ඔහුගේ ඉනිම විශිෂ්ට බවයි

‘කුසල් හොදින් පිතිකරණයේ යෙදුනා..තණතීරුව පිතිකරුවන්ට ගොඩක් යෝග්‍යයි..අපිට ලකුනු 25ක් 30ක් විතර මදි වුනා’ යැයි පැවැසීය

එහිදි වැඩිදුරටත් අදහස් දක්වා සිටි තිසර පවසා සිටියේ මනීෂ් පාන්ඩ් හා දිනේෂ් කාර්තික් පීඩනයක් නොමැතිව ගොඩනැගූ ඉනිම ඔවුන්ගේ ජයග‍්‍රහණය හේතු වු බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here